මුදල් රැගෙන ගිය කැබ් රථය පල්ලමකට (VIDEO)

March 11, 2021 at 7:01 PM

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රිවල මුදල් තැන්පත් කර නැවත යමින් තිබු කැබ් රථයක් වටවල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පල්ලමකට වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද සවස 3.30ට පමණ එම අනතුර සිදු වී ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන මංසන්ධියට ඉහළින් වූ ප්‍රදේශයේ දී.

වංගුවක් ආසන්නයේ දී බස් රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේ දී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව කැබ් රථය එලෙස අනතුරට පත්ව තිබේ.

අදාළ බැංකු ශාඛාවේ මුදල් තැන්පත් කර ආපසු කැබ් රථය මහනුවර දක්වා ධාවනය වෙමින් තිබීය දී අනතුරට ලක්ව ඇති අතර, එහි ගමන් ගත් පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරින්ට හා රියදුරුට තුවාල සිදුව නොමැති අතර කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ පෙරළී යන අයුරු අසල තිබු ආරක්ෂිත කැමරාවක මෙලෙස සනිටුහන් විය.