චීන මහජන බැංකුව විසින් ශ්‍රීලංකා ව සඳහා ෆොලර් බිලියන 1.5ක ණය මුදලක් ස්වැප් පහසුකම යටතේ අනුමත කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටී.
මෙම ණය අනුමත වී ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුව සඳහායි.
ඒ අවශ්‍ය විටෙක මෙරට විදේශ සංචිත සවිමත් කිරීම උදෙසායි.
මීට පෙර ලංකාව ඉන්දියාවෙන් ද ස්වැප් පහසුකම යටතේ ඩොලර් මිලියන 400ක් අබාගෙන තිබූ අතර එමණය මුදල පසුගිය පෙබරවාරියේ ගෙවාදමනු ලැබිණ.