පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සීයයට 25ක් තිබිය යුතු බවට සමාජයේ මතය සාදන මෙරටේ මාධ්‍ය, සිය නාළිකා තුලදී කාන්තාවන්ට ඉහළ තැනක් ලබාදීමට කටයුතු නොකරන බව මාධ්‍යවේදිනියක් ද වන නීතීඥ තිලිණි පෙරේරා පවසනවා.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව රටේ කාන්තාවන් මුහුණදී සිටින ගැටළු සම්බන්ධයෙන් තිලිණි පෙරේරා සහ ලේඛිකාවක් වන සෙනිෆා සහිරූ, Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සාකච්ජාවට එක්වූවා.
පසුගියදා ඝාතනයට ලක්වූ කුරුවිට ප්‍රදේශයේ තරුණිය සම්බන්ධයෙන් සහ එම අපරාධය සිදුකළ බවට චෝදනා එල්ලවූ උප පොලිස් පරීක්ෂකවරයාගේ අවසන් කැමැත්ත මාධ්‍යවෙත නිකුත් කළේ කව්ද කියා පරික්ෂා කළ යුතු බව කියා සිටියා.