ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිහිරිතැන්න ප්‍රදේශයේ දී අද උදෑසන සිදුවු රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
මාතර සිට අධික වේගයෙන් ධාවනය වී ඇති යතුරුපැදිය එම දිශාවෙන් ම පැමිණි කුඩා ලොරි රථයක් පසුකර යෑමට උත්සහ දැරීමේ දී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. සිද්ධියෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
එම අනතුර අසල පිහිටි CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණා..