වාහන ආනයනකරුවන් ගෙන් විශේෂ නිවේදනයක් (VIDEO)

March 10, 2021 at 8:10 PM

සීමාවන්ට යටත්ව ඉදිරියේදී වාහන මෙරටට ආනයනය කිරිම සඳහා අවසරය ලබාදීම සඳහා වාහන ආනයනකරුවන් ගේ සංගමය සහ රජය අතර සාකච්ජා පවත්වමින් සිටින බවට අද පුවත්පතක පලවූ ප්‍රවෘත්තිය අසත්‍ය බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන් සහ අලුත් වාහන ආනයන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සමග මෙම සාකච්ජාව පැවත්වූ බවයි අද දිනයේ පලවූ එම ප්‍රවෘත්තියයේ සඳහන් වුයේ.

” ඒ අනුව සීමාවකින් තොරව විදේශ විනිමය රටින් පිටතට ගලායෑම පාලනය කරමින් වසරකට මෙරටට වාහන ආනයනය කළ හැකි ඩොලර් (විදේශ විනිමය) සීමාවක් පනවනු ඇති අතර එම වාර්ෂික ඩොලර් ප්‍රමාණය කෝටාවක් ලෙස ලියාපදිංචි සහ නව වාහන ආනයනකරුවන් අතර බෙදාදෙනු ලැබේ. ඒ අනුව ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමේ අවකාශය ලැබෙනුයේ සිය කෝටාවේ සඳහන් විදේශ විනිමය ප්‍රමාණය දක්වා පමණි. දැනට අධික ලෙස ඉහළ​ ගොස් ඇති දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් කඩිනමින් පහත දමා ගැනුම්කරුවන්ට සහනයක් ලබාදීම මෙම එකඟතාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

සාකච්ඡාවේදී පැමිණි මෙම එකඟතාවට අනුව අවසන් තීරණයකට එළඹීම සඳහා වාහන ආනයනකරුවන්ගේ වැඩිදුර යෝජනා ලබාගැනීම වෙනුවෙන් සති 02ක කාලයක් රජය විසින් ලබාදී ඇත” යනුවෙන් එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වුවා.

විදේශ මුදල්වල විනිමය අනුපාතයේ පරතරය අඩු කිරීමේ අරමුණින් 2020 මාර්තු මාසයේ ව්‍යාප්තිය ඇරඹු කොවිඩ් වෛරස් වසංගතය හේතුවෙන් වාහන ආනයනය කිරීම සඳහා තාවකාලික තහනමක් රජය විසින් පනවනු ලැබුවා.