වරෙන්තු නිකුත් වූ හේතුව හිරුණිකා කියයි

March 10, 2021 at 5:10 PM

කොළඹ මහාධිකරණයේ අද පැවති නඩු විභාගයක් සඳහා නොපැමිණීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හට වරෙන්තු නිකුත් කරනු ලැබුවා. පසුව ඇය අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් ඉදිරිපත්වූ අතර එහිදී ඇයට එරෙහිව නිකුත් කළ වරෙන්තුව යලි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධියෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා සිටියේ ඇයගේ නඩුව අධිකරණය හමුවේ කැඳවන අවස්ථාවේදී තමන් මාස දෙකහාරමක් වයසැති දියණියට සිය වාහනය තුල හිදිමින් මව්කිරි ලබාදෙමින් සිටි බවයි.

එමෙන්ම අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගි වන කුඩා දරුවන් රැගෙන යන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසය තමන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද ඇය සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනින් ඉල්ලා සිටිනවා.