මුහුදේ ගිලිණු තරුණයෙකුගේ දිවි බේරූ මෙහෙයුම (VIDEO)

March 10, 2021 at 5:46 PM

ගාල්ල, තල්පෙ මුහුදු තීරයේ දී දියවැලකට හසුව මුහුදට ගසාගෙන ගිය තරුණයෙක් මහත් පරිශ්‍රමයක් දරා බේරාගැනීමට සමත්ව ප්‍රදේශවාසීන් විසින් සමත්ව තිබෙනවා. අද දින දහවල් 1.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයින් සිව්දෙනෙක් දියනාමින් සිටිය දී ඉන් එක් අයෙක් මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා. මෙම සිද්ධිය දුටු ගොඩ සිටි පුද්ගලයෙක් ඔහු බේරාගැනීමට කටයුතු කර ඇති අතර මුහුදේ ඇතිවූ දියවැලේ රළු ස්වභාවය සමග එම කටයුත්ත අසීරු වී ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව තරුණයා ගොඩට රැගෙන විත් ඇත.

තරුණයා ගොඩට ගැනීමෙන් පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එලෙස අනතුරට පත්ව ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.