පාස්කු ප්‍රහාරය සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට රුපියල් මිලියන 500ක මුදලක් දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයින් විසින් ලබාදී ඇති බවත් එම මුදල් මගින් ඔවුන් විසින් ප්‍රහාරයට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගෙන ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටියා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් හෂීම් මෙහෙයවීමේ කටයුතු සිදුකර ඇත්තේ කටාර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන අය බව මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියේ.