උතුර කළුතර ප‍්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගත් මැණික් ව්‍යාපාරිකයකු සහ රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් සහිත පාර්සලයක් වංචා සහගතව ලබා ගත් බව කියන සැකකරුවකු එම මැණික් පාර්සලය ද සමග පෙරේදා (08) රාති‍්‍රයේ අත්අඩංගුවට ගත් බව උතුර කළුතර පොලිසිය සඳහන් කර සිටිනවා.
බේරුවල, චීන කොටුව ප‍්‍රදේශයේ පදිංචි තවත් මැණික් ව්‍යාපාරිකයකු වන මොහොමඞ් අන්සාර් මොහොමඞ් නවුෆර් යන අය පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
නයිජිරියාවේ සිට පැමිණි මැණික් ව්‍යාපාරිකයා හෝටලයේ නිරෝධායනය වෙමින් සිටියදී ඔහු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති අතර තම අතවූ මැණික් පාර්සලය ගෙන යෑමට පැමිණෙන ලෙස තම ව්‍යාපාරික සගයකු වූ පැමිණිලිකරුට දන්වා ඇත.
ඒ අනුව හෝටලය අසලට පැමිණි පැමිණිලිකරු සමග අතරමැදියකු ලෙස කටයුතු කළ සැකකරු නිරෝධායනය වෙමින් සිටි ව්‍යාපාරිකයා හෝටල් කාමරයේ සිට විසි කළ මැණික් පාර්සලය හෝටල්වලට මායිමේ සිට රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මැණික් පාර්සලය ලබාදීමට උදව් වන බව කී සැකකරු නැවත පැමිණෙන තුරු බලා සිටියදී නොපැමිණෙන හෙයින් පැමිණිලිකරු උතුර කළුතර පොලිසියට පැමිණ ප‍්‍රකාශයක් ලබාදී තිබිණි.
සැකකරු ඊයේ කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
( උපුටා ගැනීම : දිවයින පුවත්පත)