මන්නාරම මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුට ඇතුලු 17 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරනය වීමත් සමග මාළු වෙළඳපොළ තාවකාලිකව අද දිනයේ සිට වසා දැමීමට පියවර ගත් බව මන්නාරම සෞඛ්‍ය පරික්ෂ කාර්යාලය පවසනවා.
මන්නාරම මාළුවෙළඳ පොළේ සිටි වෙළෙන්ඳෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසුව සිදු කරන ලද PCR පරික්ෂණයකදී එම වෙළෙන්ඳාට කොරෝණා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම මාළු වෙළඳපොළේ සිටි සියලුම පුද්ගලයින් PCR පරික්ෂණයන්ට යොමු කරනු ලැබුවා.
එහිදී මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුටද පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මන්නාරම මාළු වෙළඳසැල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් ඇසුරුකරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමුකරමින් සිටින අතරම මන්නාරම වෙළඳපොළද විෂබීජහරණය කිරීමෙන් පසුව ආරක්ෂාව තහවුරු කොට නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.