තමාගේ ජීවිතය අනූනවයෙන් බේරුන බවත්, අයි.ඩී.එච් රෝහලේ සිටියදී ජීවිතය පිළිබඳව සියලු බලාපොරොත්තු සුන් වූ බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව තම ජීවිතය රැකගැනීමට අධික වෙහෙසක් හා කැපවීමක් සිදුකළ IDH රෝහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලය, හෙද හෙදියන් සහ වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාට පිං දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.
ඇය මේ බව පවසා සිටියේ ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට සහභාගී වෙමිනි.
සියල්ල අත් හැරියත් තම දියණියන් දෙදෙනා අත් හැරීමට නොහැකි නිසා ආත්ම ශක්තිය දියුණු කර ගනිමින් කෙලෙස හෝ ජීවත්වීමට සිතා ගත් බවත්, අවසාන මොහොතේ බුදුගුණ සිහිකරමින් සිටිය බවත් ඇය මෙහිදී පවසා සිටියාය.
එම වීඩියෝව පහතින්,