සිරගෙදරදී ගත් රංජන්ගේ සෙල්ෆිය ගැන පරීක්ෂණ කරන්නැයි ඇමති දැනුම් දෙයි

March 9, 2021 at 9:57 AM

සිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගොස් ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ඊයේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා ඔහු සමග ගත් සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා. හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිය මන්ත්‍රි වරප්‍රසාද උල්ලංඝණය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසන්නේ.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ගනු ලැබූ සෙල්ෆි ජායාරූපය පහතින් දැක්වේ.

No description available.