බස්නාහිර පළාතේ පාසැල් විවෘත කෙරෙන දින ප්‍රකාශ කෙරේ

March 9, 2021 at 12:57 PM

‪බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරිම සම්බන්ධයෙන් වන දින ප්‍රකාශයට පත් කොට තිබෙනවා.‬

‪අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ පළමුවෙනි ශ්‍රේණියේ සිට 4 වන ශ්‍රේණිය දක්වා, 6 වසරේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සහ 12 වන ශ්‍රේණියේ පන්ති අප්‍රේල් මස 19 වෙනිදා ආරම්භ කරන බවයි.‬

‪බස්නාහිර පළාතේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය මෙම මස 15 වෙනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.‬