චෝදනා ගැන කාටද නැත්තේ ? හිටපු ජනපති කියූ කතාව (VIDEO)

March 9, 2021 at 9:22 AM

චෝදනා එල්ල වුවද තමන් ඒ පිළිබඳ සැළකිල්ලක් නොදක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවේ ඇතැම් පිරිස් චෝදනා එල්ල කරනවා නේද?“ යනුවෙනි.

එයට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“චෝදනා ඉතින් කාට ද නැත්තේ ? මම ඕවා ගණන් ගන්නේ නෑ කොච්චර තිබුණත්. “

ප්‍රශ්නය – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ තුමාට විවිධ චෝදනා එල්ල වෙනවා නේද ?

එයට පිළිතුරු නොදී මෛත්‍රීපාල සිරිසේන මහතා එම ස්ථානයෙන් පිටව ගියා.