වෙළඳපලේ ඇතැම් ධාන්‍ය වර්ගවල මිල ඉතා ඉහළ ගොස් තිබේ. කව්පි මුං ඇට වැනි එම ධාන්‍ය වර්ගවල ආනයනය තහනම් කර ඇති බැවින් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම සීආසහිත වීම ඊට හේතුවී තිබේ.
මේ දැනට වෙළඳපොළ ආශිතව පවතින ධාන්‍ය මිල දැක්වෙන ආකාරයයි .
මේ සම්බන්ධයෙන් අද වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ දේශීය ධාන්‍ය ගොවියා නගා සිටුවිමේ අරමුණින් ආනයන සීමාකෙරෙන බවයි.
ඒනිසා දේශීය අස්වැන්න ප්‍රමාණවත් වනතුරු ජනතාව ඉවසා සිටිය යුතු බව ඔහු සඳහන් කළේය .
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිෂ්පාදන හා වෙළෙඳපල ක්‍රියාකාරිත්වය විනාශ වී ඇතැයි පැවසූ ඔහු එම තත්ත්වය දෙවෙනි ලෝකයුද සමයටත් වඩා බරපතළ බව කීවේය.
” ඒ කාලේ අපේ අම්මලා බජිරිත් කෑවා. මේ කාලෙ ඒකාලෙටත් වඩා අමාරුයි”
අමාත්‍යවරයා පැවසීය.
https://m.youtube.com/watch?v=tAMj5Xp2DqE&feature=youtu.be