සීදුව ප්‍රදේශයේ තරුණියක් විසින් ෆේස්බුක් සම්බන්ධතාවයක් ඔස්සේ හඳුනාගෙන විවාහ වු පොලිස් නිලධාරියෙකුගේ වද හිංසා හමුවේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණු බවට මවක් නඟන චෝදනාවට ශ්‍රී ලංකා පොලිසීය විසින් පිළිතුරු ලබා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මාධ්‍ය හමුවේදී මවගේ චෝදනාව විසින් අදහස් පළ කර සිටියා.
මෙම තරුණියගේ මරණයට හේතුව සියදිවි නසා ගැනීමක් බවට මරණ පරික්ෂවරයා තහවුරු කර ඇතැයි එහිදී අජිත් රෝහණ සඳහන් කර සිටියේ. එමෙන්ම මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණ මරණ පරික්ෂවරයා විසින් පශ්චාත් මරණ පරික්ෂණයක් ද පවත්වා ඇති බවට ඔහු සඳහන් කර සිටියා.
එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධව පොලීසිය වෙත චෝදනා එල්ල කරන මව සම්බන්ධයෙන් ද අජිත් රෝහණ මෙසේහෙළිදරව් කර සිටියා.
“මෙම ප්‍රකාශය නිකුත් කරන ලද මරණකාරියගේ මව සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙන්නේ වර්ෂ 2006 දී පමණ ඇය දරු තිදෙනාගෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගෙන මෙම මරණයෙන් පසුව ඇය මෙවැනි ප්‍රකාශයක් කර ඇති බවයි.. මේ තැනැත්තිය විසින් කරන ලද දෝෂාරෝපණය සම්බන්ධයෙන් සීදුව පොලීසිය මඟින් නිසියාකාරව පරික්ෂණයක් සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ..” යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවේදී පවසා සිටියා.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ විවිධ හේතුන් මත සියදිවි නසා ගැනීම් සිදුවන්නට පුළුවන් බවත් නමුත් එම මරණය සිදුව ඇත්තේ සියදිවි නසා ගැනීමක් නිසා නම් ඒ සම්බන්ධව නීතියෙන් තවත් පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කිරීමට හැකියාවක් නොලැබෙන බවයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් දැක්වූ අදහස් පහතින්,