පිරිමි වශයෙන් අප ලැජ්ජා විය යුතුයි : ඇමති ඩලස් කියූ කතාව (VIDEO)

March 8, 2021 at 5:04 PM

පිරිමි වශයෙන් අප ලැජ්ජා විය යුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා කියා සිටියේ රටේ වැඩිම විදේශ විනිමය ගෙන එන කේෂ්ත්‍ර සියල්ලේම ප්‍රධාන තැන ගෙන ඇත්තේ කාන්තාවන් බවයි.

” මේ රටේ  ආර්ථිකයට වැඩිම  විදේශ විනිමය ඇමරිකානු ඩොලර්  බිලියන 07ක  විදේශ විනිමය දායකත්වයක් ලබාදෙන්නේ  මැදපෙරදිග කතරේ කඹුරන අපේ කාන්තාවන්.  අංක දෙක  තමයි ඇගලූම් කර්මාන්තය. ඩොලර් බිලියන 5.6 ක්. කාගේ අත්ද ඒ.  අපේ සහෝදරියන්ගේ. අංක 03 තේ ආර්ථිකය. ඩොලර් බිලියන 02 කට ආසන්නයි. කාගේ අතේද තියෙන්නේ. කාන්තාවන්ගේ අතේ. අපේ රටට වටිනාකමක් ඇති විනිමයක්, ලෝකයේ හුවමාරු කලහැකි විනිමයක් උපයලා දෙන්නට ප්‍රධානත්වය ගන්නේ මෙම ගෞරවනීය පුරවැසි කණ්ඩායමයි. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා, මවක් වගේ හදලා වඩලා පෝෂණය කරලා තියෙන්නේ කාන්තාවෝ. පිරිමි වශයෙන් අපි මෙයට ලැජ්ජා විය යුතුයි” අමාත්‍යවරයා කියා සිටීයා..