මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු ඊයේ (07) එම රෝහලෙන් පලාගොස් තිබෙනවා. මෙලෙස පළා ගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ රාත්‍රී 9 ට පමණ අදාළ තරුණයා රෝහලෙන් පලාගොස් ඇති බවට මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ තරුණයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.