දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත් බවත් අද තත්ත්වය ඊටත් වඩා අමාරු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටිනවා. වෙළඳපොලේ ධාන්‍ය වර්ග වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා සිටියා.
ධාන්‍ය වර්ග ආනයනය සීමා කර ඇත්තේ දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණින් බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
එනිසා ජනතාව දේශීය ගොවියාගේ අස්වැන්න ලැබෙන තුරු සිටිය යුතු බව ද ඇමතිවරයා කීයා සිටියා. කොරෝනා වසංගතය නිසා වත්මන් වෙළඳපළ තත්ත්වය දෙවැනි ලෝක යුද සමයටත් වඩා බරපතල ලෙස විනාශ වී ඇතැයි ද ඔහු සඳහන් කළේ.
මේ අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් සම්බන්ධයෙන් ඇමතිවරයා අදහස් දැක්වුයේ මේ අයුරින්.