කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට පැය 20ක ජල කප්පාදුවක්

March 5, 2021 at 5:02 PM

කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 9 සිට පැය 20 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත , රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බවයි.

අඹතලේ සිට කොලොන්නාවට ජලය රැගෙන එන නළයක අලුත්වැඩියාවක් ඊට හේතු වී තිබේ.