අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

March 4, 2021 at 3:47 PM

2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ඉකුත් පෙබරවාරි මස 28 වෙනිදායින් අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

එබැවින් කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මඟින් බලපෑම් සිදු කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී සිටියි.