රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය : කුරුණෑගල නගරාධිපති ඇතුළු 06 කට නොතීසි නිකුත් කරයි

March 4, 2021 at 5:49 PM

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ බව කියන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි රාජසභා ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළවයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මීට අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

රාජසභා ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට වගකිව යුතු කුරුණෑගල නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා.