ශ්‍රීලංකාවේ නිලියක් සමගින් හර්බජාන් සිං රංගනයෙන් දායකත්වය දුන් මංගල චිත්‍රපටය (VIDEO)

March 4, 2021 at 11:23 AM

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං රංගනයෙන් එක්වූ මංගල චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක දැන්වීම් පටය මේ වන විට නිකුත් වී තිබෙනවා.

හර්බජාන් සිං සමගින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිළියක් වන ලොස්ලියා මරියානේසන් ද මෙම චිත්‍රපයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

“Friendship” නම් වූ මෙම දමිළ චිත්‍රපටය ඔවුන් දෙදෙනා රංගනයෙන් දායකත්වය දක්වන මංගල චිත්‍රපටය වනවා.

ශ්‍රී ලංකාවේ කිලිනොච්චි හි උපත ලබා ඇති ලොස්ලියා මරියානේසන් මීට පෙර මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක නිරූපිකාවක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.