අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ විට එම අධිචෝදනා කියවා භාරදුන්නා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය විත්තිකාර චම්පික රණවක හට විවෘත අධිකරණයේ දී කියවා දෙනු ලැබුවා.