මේ වනවිට දිවයිනේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර ඇත්තේ එක් ප්‍රදේශයක් පමණි.
ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ චැපල්ටන් වත්ත ආශිර්ත කොටසක් පමණි .
ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන අතුරින් වැඩිම පිරිසක් කොළඹින් (60)ක් වන අතර ගම්පහින් 40කි.
කොළඹින් වැඩිම පිරිස තලංගමින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 29කි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 34ක් වාර්තා වේ.
දිස්ත්‍රික්ක 22කින් ඊයේ ආසාදිතයින් වාර්තා වූ අතර මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 83551කි.