ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 460 දෙනා අතුරින් 35 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.මේ අතර ඊයේ දිනයේදී වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එහි ආසාදිතයින් සංඛ්‍යාව 62ක් වනවා.
මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක්, ගම්පහ 51ක්, මහනුවර 50ක්, කළුතර 09ක්, කුරුණෑගල 17ක්, ගාල්ල 21ක්, අම්පාර 02ක්, මාතර 35ක්, කෑගල්ල 07ක්, බදුල්ල 16ක්, මාතලේ 03ක්, පුත්තලම 03ක්, නුවරඑලිය 12ක්, අනුරාධපුර 18ක්, හම්බන්තොට 10ක්, පොළොන්නරුව 02ක්, යාපනය 59ක්, වව්නියාව 03ක්, ත්‍රිකුණාමලය 02ක්, මන්නාරම 02ක්, මොණරාගල 01ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.
ඊයේ දිනයේදී මෙරට PCR පරීක්ෂණ 12,632ක් සිදුකර ඇති අතර ගතවු පැය 24 තුලදී මෙරටින් එකඳු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා නොවන බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
අද දිනය වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 82,890ක් වන අතර ඉන් රෝහල් ගතව සිටින සංඛ්‍යාව 4,053ක් වනවා. සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටවී ගිය ආසාදිතයින් ගණන 78,373ක් වන අතර මියගොස් ඇති සංඛ්‍යාව 464ක් වනවා.