අනේ ඇන්ටි ගහන්න එපා කියා ළමයා කෑගහන ශබ්දය ඇසුණා : ශාන්ති කර්මයක් අතර වාරයේදී දැරියක් මියයාමේ සිද්ධිය ගැන වැඩිදුර තොරතුරු හෙළිවේ (VIDEO)

February 28, 2021 at 12:30 PM

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැලකින් පහර දීම හේතුවෙන් මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ 09 හැවිරිදි දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ අසල පදිංචි නිවසක පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ මෙම දැරියට පෙරදා සවස සිට වේවැලකින් පහරදෙන ශබ්දය ඇසුණු බවත් ” ඇන්ටි ගහන්න එපා” යනුවෙන් ඇය ඉල්ලීම් සිදුකරමින් හඬනා ශබ්දය ඇසුණු බවයි.

මීගහවත්ත ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වූ අතර අදාළ ශාන්තිකර්මය සිදුකළ කාන්තාවක් මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.