ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් 80% දක්වා ඉහළ නැංවීමට මූල්‍ය සමාගම්වලට ශ්‍රී මහ බැංකුවෙන් අවසර ලබා දී තිබෙනවා. මිට පෙර එම පහසුකම් පැවතියේ සීයයට 70ක් පමණයි.
ඩේලි එෆ්ටී පුවත්පතට අනුව, මෝටර් රථ වෙළඳ විශ්ලේෂකයින් අනාවැකි පළ කර ඇත්තේ COVID-19 වසංගතයේ ප්‍රථිපලයක් ලෙස පවත්නා ආනයන සීමා කිරීම් සහ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම වැඩිවීම වෙළඳපොළට උපකාරී වනු ඇති බවයි.
මහ බැංකුවට අනුව, 2020 දී පුද්ගලික වාහන ආනයනය ඇමරිකානු ඩොලර් මිලියන 283ක් වූ අතර 2019 දී එය ඇමරිකානු ඩොලර් මිලියන 815.7 ක් විය. සමස්තයක් වශයෙන් ගත් කළ 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී 65% කින් පහත වැටුණා.