එන්නත් ලබාදීම පිළිවෙලකට සිදුකරනවා – ජනපති පවසයි

February 27, 2021 at 2:04 PM

කොවිඩ් එන්නත ලබාදීම ක්‍රමවේදයක් අනුව සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

“කොවිඩ් වසංගතය මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක්. අපිට පුළුවන් වුණා සෑහෙන දුරට අනික් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාලනය කර ගන්නට. දැන් අපි එන්නත ලබාදෙමින් තිබෙනවා. අපි එය ක්‍රමවේදයක් අනුව සිදුකරනවා. අපි දැනට ගෙනල්ලා තියෙන එන්නත් මිලියනයක් ඒවා ක්‍රමවේදයක් අනුව එන්නත්කරණය සිදුකරමින් යනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මේවන විටත් පැවැත්වෙන ජනපති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනාධිපතිවරයා මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම අදහස් පළ කර සිටියා..