කොවිඩ් මරණ භූමදානයට දුන් අවසරය ගැන ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රසාදය. පමාවී හෝ ගත් හොඳ තීන්දුව වහාම ක්‍රියාත්මක කරන්නැයි ඇමෙරිකාව කියයි.

February 26, 2021 at 11:19 AM

මෙරට කොවිඩ් මරණ භුමදානයට අවසර ලැබෙන පරිදි රජය ගත් තීරණයට පකිස්ථාන අගමැති ඉම්‍ රාන් ඛාන් සිය ප්‍රසාදය පළකර ඇත.

ඔහු ගේ දෙදින ලංකා සංචාරයෙන් පැය කීපයකට පසුව ලක් රජය මෙම තීන්දුවට එළඹි අතර විපක්ශයේ සහ මුස්ලිම් මන්ත්‍රීවරු මෙන්ම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද කොවිඩ් මරණ ලංකාවේ ආදාහනය අනිවාර්‍ය කර තිබීම ගැන ඔහුගේ  අවධානයට යොමුකළේය.

මේ පකිස්ථාන අගමැති වරයාගේ පණිවුඩය යි.

මේ අතර ශ්‍රීලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත්කලේ මෙම තීන්දුව පමාවී හෝ ගනු ලැබූ යහපත් එකක් බවයි.
එබැවින් එය නොපමාව ක්‍රියාවට නංවන ලෙසද ඇය ඉල්ලා සිටී.