කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) රාත්‍රී පැවැත්විණි.
පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධාන කෙරුණා. කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පෙරහර පවත්වනු ලැබුණා.
ජනාධිපතිතුමා සධාතුක කරඬුව, මංගල හස්ථි රාජයා මත තැන්පත් කළ අතර එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
උඩරට, පහත රට නර්තන කණ්ඩායම් සහ අලි ඇතුන් සහභාගීත්වයෙන් පෙරහර වර්ණවත් වුයේ මේ අයුරින්.