පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමන් විසින් පත් කරන ලද කොමිෂන් සභාව අපේක්ෂිත අරමුණු පිළිබඳ විමර්ශනයක් කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවට ඊයේ (25) දැනුම් දී තිබෙනවා. එම පක්ෂයේ විධායක සභාව, පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණා.
එම අවස්ථාවේදි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් පිටුපස සිටි පිරිස දේශීය විදේශීය බලවේග පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාව පත් කළ බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව තීරණය කර තිබෙනවා.
එම වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ සභාපති වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට බලපාන හේතු ඉදිරිපත් කර ඇත. කොමිෂන් සභා වාර්තාවේ එක් පිටුවක ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වන විට වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයකු පත් නොකිරීම, වගකීම් පැහැර හැරීමක් ලෙස දක්වා ඇත. එම වාර්තාවේම තවත් පිටුවක එම කරුණ ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව දක්වා තිබේ. තවද හිටපු අග්‍රාමාත්‍යවරයා මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ බවට වාර්තාවේ සඳහන් වී ඇතත් ඉන් ඉදිරි පියවරක් සඳහන් නොකිරීම ගැටලුවක් බව කමිටු සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ.
තවද කොමිෂන් සභා වාර්තාව වෙනස් කිරීමේ බළල් අතක් ක්‍රියාත්මක වී ඇත්දැයි සැකයක් පවතින බවද විධායක සභාව පෙන්වා දී තිබේ.
( මුලාශ්‍ර : අරුණ පුවත්පත)