නීති සිසුවාට පහර දුන් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ගේ වැඩ තහනම් කරන්න : ඇමැති ගෙන් පොලිස්පතිට උපදෙස්

February 26, 2021 at 11:44 AM

පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිරකරුවෙකු බැලීම සඳහා ගිය නීති සිසුවෙකුට පොලිසිය තුලදී සිදුකළ පහරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසත් පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් වහාම වැඩ තහනමකට ලක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කලේ එලෙස පොලිස් ස්ථානයක් තුලදී පහරදීම සම්බන්ධයෙන් කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුත්‍රයාට මෙලෙස පෑලියගොඩ පොලිසිය විසින් පොලිස් ස්ථානය තුලදී පහරදීමක් සිදුකර ඇති අතර ඔහු මේ වන විට රාගම රෝහලට ඇතුලත් කර සිටිනවා.