ජනපතිට දේශපාලන නායකත්ව තනතුරක් ලබාදිය යුතුයි : ඇමති විමල් කියයි (VIDEO)

February 25, 2021 at 6:24 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයේ නායකත්ව තනතුරක් ලබාදිය යුතු බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා.

ආණ්ඩුව නියෝජනය කර පක්ෂ කිහිපයක නායකයින් සහ ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවූ භික්ෂූන් වහන්සේ පිරිසක් අතර සාකච්ඡාවක් අභයාරාම විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ශක්තිය දේශපාලන වශයෙන් බලසම්පන්න කිරීමේ වැදගත්කම භික්ෂූන්වහන්සේ පෙන්වා දුන් බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.