STF යැයි කියාගෙන විත් ගෙයක් මංකොල්ල කයි

February 24, 2021 at 12:29 PM

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසමින් ඊයේ උදෑසන බියගම පොලිස් වසමේ පිහිටි නිවසකට පැමිණි කණ්ඩායමක් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ලකෑමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් එළෙස කොල්ලකා ඇති බවය.

මෙම කණ්ඩායම සිවිල් ඇඳුමින් අදාළ නිවසට ඇතුළු වී තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බියගම පොලීසිය සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇත. එම සැකකරුවන් මත්දුව්‍යවලට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වී ඇත්තේ.

පොලිස් නිලධාරීන් හෝ විමර්ශන නිලධාරීන් ලෙස පවසා නිවෙස් කොල්ලකෑම මේ වනවිට අපරාධකරුවන් ප්‍රවණතාවයක් කරගෙන ඇති බවට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.