දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුවා. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ විසින් පිළිගනු ලැබුවා.
ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කරනු ලැබුවා. කතාබහ බෙහෙවින් ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා ප්‍රකාශ කෙරුනා.
දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවද රාජ්‍ය නායකයෝ දෙදෙනා අදහස් හුවමාරු කර ගනු ලැබුවා.
ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්‍රකාශ කර සිටියා. පාකිස්ථානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
පාකිස්ථානය මෙරට අපනයන කේෂ්ත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
කොවිඩ් වසංගතය මර්ධනය සමග මෙරට සංචාරය සඳහා පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිතුමා දෙරටේ සංචාරක කේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන අදහස් දක්වා සිටියා.
තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු කේෂ්ත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයින් සිය අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.