අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකරුවෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු විසින් ටික්ටොක් නැමැති සමාජ මාධ්‍ය යෙදවුම හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
සැකකරුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී ඇත.
ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කරඇති බවට ද තොරතුරු හෙළිවී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.