පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.
එම වාර්තාව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දෙනු ලැබුවා.
මේ අතර පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාර මාලාව පිලිබදව සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිගමනයන් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් සිය ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මුදා හැර තිබෙනවා. ඊට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ ද එම වාර්තා වේ කරුණු ඇතුලත් ජායාරූප හුවමාරු වෙමින් තිබෙන්නේ මේ අයුරින්.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන එම වාර්තාවේ ජායාරූප පහතින් දැක්වේ.