දෛනික කොවිඩ් ආසාදිතයින් අඩුවීමට හේතුව මෙන්න

February 23, 2021 at 10:23 PM

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පහළ ගොස් ඇත්තේ සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව පහළ දැමීම නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත්කරණ වැඩසටහනට සහභාගීවීම නිසා PCR පරීක්ෂණ සිදුකිරීම තාවකාලිකව නැවතී ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

“අපි දැක්කා පසුගිය සතියේ විතර රෝගීන් සංඛ්‍යාව 800-900 ආසන්නයට ආවා. ආසන්නතම දින ටිකේ 500 ආසන්නයේ අතර තමයි ආසාදිතයින් හිටියේ. ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වෙනවා. එකක් PCR සංඛ්‍යාව මත. පසුගිය ආසන්නම දින තුනේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල PCR පරීක්ෂණ තාවකාලිකව නැවතිලා තිබුණේ. හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත්කරණ වැඩසටහනේ හිටිය නිසා. අනෙක් දේ තමයි පසුගිය පැය 24 තුලදී කියලා එන රෝගීන්ගේ PCR පරීක්ෂණ වාර්තා නෙමේ. ඒ PCR පරීක්ෂණ සිදුකරලා තියෙන්නේ පසුගිය දින 3 -10 ත් අතර කාලයේදී” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටියේ.