ජනපති පැළ සිටුවයි!

February 22, 2021 at 2:47 PM

පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

ජනාධිපතිතුමා අතින් රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැලය ලියාපදිංචි කරනු ලැබීය.

රට පුරා විසිරී සිටින 70,000 ට අධික සෑම බාලදක්ෂයෙක්ම පැළ දෙක බැගින් තම ගෙවත්තේ සිටුවා රැක බලා ගන්නා අතර “තුරු” නම් ජංගම දුරකථන යෙදුම මගින් වැඩසටහන ඇගයීම සිදු කෙරේ.