මියන්කුමාර ඇත් පැටවා වනයට නිදහස් කරන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි

February 22, 2021 at 4:11 PM

බෙල්ලන්විල විහාරස්ථානයේ රදවා සිටින මියන් කුමාර නැමැති ඇත්පැටවා නැවත වනයට මුදා හැරීමට සහ එම සත්වයාට තවදුරටත් කෲර අමානුෂික වදහිංසා පැමිණවීම වළක්වා නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙන අතර එහි වගඋත්තරකරුවන් ලෙසට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා, පොලිස්පතිවරයා සහ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් නම් කර තිබෙනවා.

මෙම පෙත්සම අද දිනයේදී අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන්ට මාර්තු මස 05 වෙනිදා අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමට නොතිසි නිකුත් කර තිබෙනවා.

මෙම ඇත්පැටවා 2013 වර්ෂයේදී මියන්මාර රජය විසින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ප්‍රදානය කර ඇති බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.