අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එංජින් රියැදුරන්, තාක්ෂණ, නියාමන ඇතුළු අංශ ගණනාවක් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසනවා.
ඉන්දීය රජයේ ආධාර මත මහව සිට ඕමන්තෙයි දක්වා දිවෙන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම දුම්රිය වර්ජනය සැලසුම් කර ඇත්තේ.
” අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ඉන්දියානු ආධාර යටතේ මහව සිට ඕමන්තෙයි දක්වා දිවෙන දුම්රිය මාර්ගය වසරක් යන තෙක් සම්පුර්ණයෙන් වසා දාලා එහි දුම්රිය මාර්ගය අලුතින් ඉදි කරන්න සැලසුම් කරලා තිබෙනවා. මෙහිදී ඒ මාර්ගයේ තිබෙන කිසිම දුම්රිය පාලමක් අලුත්වැඩියා කෙරෙන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ පොල්ගහවෙල සිට මහව දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙසට මුලින්ම ප්‍රතිසංස්කරණය කරන්න කියලා. පසුව මහව සිට ඕමන්තේ දක්වා දිවෙන මාර්ගයත් ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙසට ප්‍රතිසංස්කරණය කරන්න” දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.