අධික සිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින කැස්බෑවුන් 4000ක ගේ දිවි බේරා ගැනීමට ටෙක්සාස් හි දකුණු පැඩ්රේ දුපතේ පිහිටි වෙරළබඩ නගරයක ජිවත් වන වැසියන් මෙහෙයුමක නිරත වෙමින් සිටිනවා.
ස්වේච්ජා සේවකයින් විසින් අධික සීතල හේතුවෙන් ගල් ගැසී සිටින කැස්බෑවුන් ගේ ශරිර උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ව ගෘහස්ත තාපාගාර සහ උණුසුම් ජලය සහිත කුඩා ජල තටාක තුල බහාලමින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මේ වන විට ටෙක්සාස් ප්‍රාන්තයේ බොහෝ ස්ථානවලට විදුලි සැපයුමද විසන්ධි වී ඇති අතර Space -X හිමිකරු වන එලෝන් මස්ක් විසින් දකුණු පැඩ්රේ දුපතේ පිහිටි සිය කර්මාන්ත ශාලාව ඇති විදුලි ජනන යන්ත්‍ර හරහා විදුලිය ලබාදෙමින් මෙම මෙහෙයුම සිදුකරගෙන යාමට අවශ්‍ය සහය සැපයීමට ඉදිරිපත්ව සිටින බවයි වාර්තා වන්නේ.
අධික සීතල කාලගුණයට නිරාවරණය වීමෙන් කැස්බෑවුන්ට අංශභාගය වැළදෙන බවත් පසුව ඔවුන්ට ආහාර ගැනීමට නොහැකිවීම සහ ජලයට ඉහලින් හිස ඔසවා තබා ගැනීමට නොහැකිවන බව ෆ්ලොරිඩා මත්ස්‍ය හා වනජීවී සංරක්ෂණ කොමිසම සඳහන් කරන්නේ.
මේ අතර අමෙරිකාවේ දකුණු දිග කලාපයෙන් ඇරඹි ශිත දේශගුණික තත්ත්වය ක්‍රමයෙන් එරට නැගෙනහිර ප්‍රාන්තය දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ. පසුගිය සතිය තුලදී ශිත කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
අධික ශිත කාලගුණය නිසා ඇතැම් නිවෙස් තුල හිම තට්ටු පවා මිදී ඇති අතර ජනතාවට පානීය ජලය පවා නොමැති වීමෙන් දැඩි අර්බුධයකට මුහුණ දී ඇත. විදුලිය නොමැතිවීම හේතුවෙන් ගෘහස්ථ තාප යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නිසා නිවෙස් තුල උණුසුම රැක ගැනීම සඳහා දර ඇතුළු විවිධ දේ දැල්වීමෙන් කාබන්ඩයොක්සයිඩ් වාතය ආග්‍රාහනය කිරීමෙන් පුද්ගලයින් රැසක් රෝහල් ගත කොට ඇත.
ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පවා වෙළෙදසැල් විවෘත කර තිබුණත් දැඩි ලෙස භාණ්ඩ වර්ග හිඟකම් පවතින බවයි ටෙක්සාස් ප්‍රාන්ත වැසියන් පවසන්නේ.