විදේශ සේවයේ තනතුරු සඳහා යැවිය යුත්තේ ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරන අය බව ඇමැති ප්‍රසන්න රණතුංග සඳහන් කර සිටිනවා.
ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අය විදේශ රටවල තානාපති සේවයට යවනු ලැබුවහොත් ඔවුන් එහි සිට ආණ්ඩු විරෝධී මතයන් ගොඩනඟන බව ද ඇමැතිවරයා පවසයි.
අමාත්‍යවරයාගේ දියණිය ඇතුළු රජයේ ඉහළ තනතුරු දරන්නන් පිරිසකගේ දු දරුවන්ට විදේශ රටවල් කිහිපයක තානාපති සේවයේ තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ බව සඳහන් කර සිටියා.
තම දියණුය තනතුරක් ඉල්ලූ බවත් එය ලැබුණු බවත් අමාත්‍යවරයා පවසා සිටියා. උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා.