මම යන්නේ නැහැ.. ආණ්ඩුව මාව දාලා යයිද දන්නේ නැහැ – ඇමති විමල් කියයි (VIDEO)

February 19, 2021 at 3:52 PM

තමා කිසිවිටෙකත් ආණ්ඩුව හැර දමා නොයන නමුත් ආණ්ඩුව තමා අත්හැර යයි ද පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. අද කොළඹ දී මාධ්‍යවේදීන් විසින් “ආණ්ඩුවේ ඔබ තුමාට ඉන්න පුළුවන් වෙයි ද ? “ යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කිසිවෙකු කලබලයට පත්ව නිගමනයන්ට එළඹිය යුතු නැතැයි ද පැවසු අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව නිරෝගීව ඉදිරියට ගෙන යෑම තම බලාපොරොත්තුව බවද ප්‍රකාශ කර සිටියා.

ඒ සඳහා ඇති ව තිබෙන යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තුරන් කර ගනිමින් රටේ ජනතාව අපේක්ෂා කරන ඔවුන් ලබාදුන් ජනවරම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ අමාත්‍යවරයා,

ප්‍රශ්නය – ඔබ තුමා තවදුරටත් ඉවසන එක ද කරන්නේ?

විමල් වීරවංශ – ඇයි මම ඉවසන්න එපා ද?

ප්‍රශ්නය – ඔබ තුමාට පහරදෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරු නේද ?

විමල් වීරවංශ – මම නම් ඒ මන්ත්‍රීවරුන්ට දොස් කියන්නේ නෑ. ඒ මන්ත්‍රීවරුන්ට කවුරු හරි ඒක පවරනවා ඇති නේ. ඒ පවරන එකෙනා තමයි ඒ මන්ත්‍රීවරු අසරණ කරලා තියෙන්නේ.

ප්‍රශ්නය – ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම ද ඒකට හේතුව ?

විමල් වීරවංශ – බොහෝවිට.

ප්‍රශ්නය – ඔබ තුමා රටේ ජාතික සම්පත් වෙනුවෙන් දිගටම හඬ නඟනවා ද?

විමල් වීරවංශ – ඒක ඉතින් මම දේශපාලනය පටන්ගත්ත දිනයේ සිට අද දක්වා කරන දෙයක්.

ප්‍රශ්නය – ආණ්ඩුවේ දිගටම ඉන්න පුළුවන් වෙයි ද?

විමල් වීරවංශ – මම ආණ්ඩුව දාලා යන්නේ නෑ… මාව ආණ්ඩුව දාලා යයි ද දන්නේ නෑ.

( උපුටා ගැනීම : අද දෙරණ වෙබ් අඩවිය)