පොල්ගස්ඕවිට ‍මංසන්ධියේ සිදුවූ බිහිසුණු රිය අනතුර (VIDEO)

February 18, 2021 at 11:22 AM

මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට, පසෙක සිටි කිහිප දෙනෙකුට හා යතුරුපැදිකරුට බරපතළ තුවාල සිදුකරමින් පොල්ගස්ඕවිට ‍රිලාවල මංසන්ධියේ ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරක් ආරක්‍ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබුණා.

ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට හැරවීමට උත්සහ කළ මෝටර් රථයකට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුවා.

මෝටර් රථයේ ගැටුණු යතුරුපැදිය මාර්ගය අසල සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු ගේ ශරීරයේ ගැටීමෙන් සුළු තුවාල ලබා ඇති අතර යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මේ එම අනතුරේ CCTV වීඩියෝවයි :

https://fb.watch/3JKxf8VgM0/