කොවිඩ් -19 වෛරසයට ලබාදෙන කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනිකා ලබා ගත් පුද්ගලයින් කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වූ බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.
ස්වර්ණවාහිනිය මුල්පිටුව වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
” ගාල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවලින් කොවිෂිල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
සාමාන්‍යයෙන් කොවිඩ් එන්නත ලබා ගෙන සති 03ක් යනකම් ශරීරය තුල ප්‍රතිශක්තිය නිපදවෙන්නේ නෑ. ඒ නිසා එන්නත ලබා ගත්තා කියලා වෛරසය ආසාදනය වෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. ඒ නිසා එන්නත ලබා ගත්තත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කටයුතු කිරිම වැදගත්” වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
වීඩියෝ :