දුර්ලභ ශාකය මැදිකොට අධිවේගී මාර්ගය ඉදිකිරීමට තීරණය කරයි

February 17, 2021 at 10:02 PM

රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ”පණු කරඳ” හෙවත් කෲඩියා සිලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගයේ වෙනස්කම් සිදුකරමින් සංවර්ධනය කිරීමට ඊයේ පැවති සාකච්ජාවකදී තීරණය කළ බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසනවා.

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ශාකය එම ස්ථානයෙන් ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගයේ යම් වෙනස්කමක් සිදුකරමින් සංවර්ධන කටයුතු සිදුකිරීමට එහිදී එකඟතාවකට පැමිණි බවයි.

ඒ අනුව ගස ගලවා වෙනත් ස්ථානයක රෝපණය කිරීමේ උත්සාහය තාවකාලිකව නැවතුණු අතර ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ මහාමාර්ග අමාත්‍යංශය අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.