පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියාගේ දේහය සොයා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
යුද හමුදාවේ විශේෂ බලකායේ නිලධාරීන් අද අලුයම රැෆ්ලීන් කඹ ආධාරයෙන් අද පෙරවරුවේ පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට බැස අතුරුදහන් වූ මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක නිරත වුවා. එහිදී ප්‍රපාතයේ ගලක් මත රැඳී තිබියදී අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බවයි යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ.
දැඩි මිදුම් සහිත කාලගුණය මධ්‍යයේ යුද හමුදාව විසින් අඩි 200ක් ගැඹුරු ප්‍රපාතයට බැස මෙම සොයා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.
VIDEO :

