කොවිඩ් මර්දන කොවිශීල්ඩ් එන්නත් මිලියන නවයක් මිලදී ගැනීම ගැන සාකච්ඡා කළ බව කොවිඩ් පාලනය පිලිබඳ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ශ ද සිල්වා මහතා පවසයි.
මෙරටට කොවිඩ් මර්දන එන්නත් ගෙන්වීම පිලිබඳ කාර්‍ය සාධක මණ්ඩලයේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා සමග මෙම සාකච්ඡාව පැවැති බවයි ඔහු පැවසුවේ.
දැනට පුද්ගලික අංශයට මෙම එන්නත් ආනයනයට අවසර නැතත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගෙන්වන එන්නත් පසුව පුද්ගලික අංශයට ලබා දීමේ හැකියාව ගැන අවධානය යොමු කරන බවත් ඔහු සඳහන් කළේය.